Kitchen
ස්ටර් ෆ්‍රයිඩ් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය-
කුකුළු මස් (කටු රහිත) 200 g
බී ලූනු 50 g
මාළු මිරිස් 50 g
සුදු ලූනු 15 g
ඉඟුරු 15 g
කජු 10 g
කෝන් ෆ්ලවර් 10 g
සෝයා සෝස් ,ඔයිස්ටර් සෝස්
මේස හැඳි 4 බැගින්
ලුණු ,ගම්මිරිස් (රස අනුව)
බැද ගැනීමට තෙල්
සාදාගන්නේ මෙහෙමයි -
කුකුළු
මස් වලට ලුණු ගම්මිරිස් ස්වල්පය බැගින් දමා එයට සෝයා සෝස් හා ඔයිස්ටර්
සෝස් මේස හැඳි 2 බැගින් දමා හොඳින් කලවම් කරගන්න.දැන් මෙම කුකුළු මස්
කැබැලි කෝන් ෆ්ලවර් වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.කජු මද ටිකද ගැඹුරු තෙලේ
බැදගන්න.
බී ලුනු සහ මාළු මිරිස් දිග් අතට කපාගන්න. සුදු ලූනු සහ ඉඟුරු සිහින්ව ලියාගන්න.
දැන්
භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු ඉඟුරු, සුදු ලූනු දමා මඳක්
බැද ගන්න. බැදුණු පසු එයට කපාගත් ලූනු සහ මාළු මිරිස් දමා දෙපැත්ත පෙරළා
යාන්තමින් බැදෙන විට එයට සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් දමන්න. හොඳින් කළවම්
කර එයට බැදගත් මස් එක්කර රස අනුව ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර ළිපෙන් බා
දීසියකට දමාගන්න. දැන් මෙයට උඩින් බැදගත් කජුමද ඉසගෙන සරසා මේසයට යවන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks